වන අලි මරණ අවම කරන්න ඇසෑම් ප්‍රාන්තයෙන් ජංගම දුරකථන යෙදුමක්

වන අලි හේතුවෙන් සිදුවන මරණ අවම කිරීමේ අරමුණින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා.

ඉන්දියාවේ විශාලතම අලි ගහනයක් පවතින ඇසෑම් ප්‍රාන්තයේ වන අතර ජනතාවගේ අන්තර් ක්‍රියා හේතුවෙන් අලි සහ මිනිස් මරණ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් අදාළ යෙදුම හඳුන්වා දී තිබෙනවා.

අදාළ යෙදුම හරහා අලි රංචු වෙත ළඟා වන පුද්ගලයින්ට මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ සලසන ලෙස අනතුරු අඟවනු ඇති බව සඳහන්.

නිල දත්තවලට අනුව 2020 සිට 2024 දක්වා ඉන්දියාවේ අලි ඇතුන් විසින් පුද්ගලයින් 1,701ක් පමණ මියගොස් තිබුණා.