මහනුවර දළදා වීදියේ වෙළෙඳසල් 2ක තිබී ගිනි අවි 2ක් දිග කඩුවක් සොයා ගනී

මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් සිදු කළ සෝදිසි කිරීමකදී දළදා වීදියේ වෙළෙඳසල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ අඩි 2 1/2ක් දිග කඩුවක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකා හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමේ නිලධාරීන් විසින් ඊයේ (11) පස්වරුවේ සමත්ව ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අදාළ වෙළෙඳසල් දෙකේ හිමිකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පැරණි භාණ්ඩ අලෙවිසල් දෙකක මේ රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙක සහ කඩුව තිබී ඇත. ගිනි අවි ක්‍රියාත්මක තත්ත්වයේ ⁣තිබී නොමැති අතර, මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.