හැටන් රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් ගැටී  සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.‍

අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.