ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට හිස නමා මනූෂ-හරීන් ඇමැති ධුර­ව­ලට සමු­දෙති

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ලබා­දුන් තීන්දු­වෙන් අන­තු­රුව මනූෂ නානා­ය­ක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන් සිය ඇමැති ධුර­ව­ලින් ඉවත් වී තිබේ.

මනූෂ නානා­ය­ක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමැති ධුරයේ කට­යුතු කළ අතර, හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කට­යුතු, සංචා­රක හා ඉඩම් ඇමැති ධුරයේ කට­යුතු කළේය.

ඊයේ (09) පස්ව­රුවේ මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් ඔවුන් දෙදෙනා පැව­සුවේ අධි­ක­රණ තීන්දුව පිළි­බ­ඳව කන­ගා­ටු­වක් නොමැති අතර, ඇමැති ධුරයේ කට­යුතු කළ කාල­සී­මාව තුළ හැකි උප­රි­ම­යෙන් එහි වග­කීම් ඉටු කිරී­මට හැකි වූ බවයි. මනූෂ නානා­ය­ක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන්ගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අහිමි කිරී­මට සමගි ජන බල­වේ­ගය පක්ෂය ගනු ලැබූ තීර­ණය නීත්‍ය­නු­කූල බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කිරී­මත් සමඟ ඔවුන්ට මෙලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

මෙහිදී අද­හස් දක්ව­මින් මනූෂ නානා­ය­ක්කාර මහතා පෙන්වා දුන්නේ රට ගොඩ­ග­ත්තාට සුබ පැතීම වෙනු­වට වත්මන් ආණ්ඩු­වට එක් වීම හේතු­වෙන් ඇමැති ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන බල­වේ­ගය ප්‍රමුඛ සජිත් ප්‍රේම­දාස බවයි. ලංකා ඉති­හා­සයේ ශත වර්ශ ගණ­නා­ව­කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් වැඩ කර­වනු ලැබුවේ පසු­ගිය වසර දෙක බව පෙන්වා දුන් ඒ මහතා, ඒ වැඩ කළ වර්ෂ දෙක වෙනු­වෙන් සජිත් ප්‍රේම­දා­සට ආඩ­ම්බ­ර­යෙන් ස්තුති කරන බවද රට හදන්න ගිය අයට නඩු දැම්මේ සමගි ජන බල­වේ­ගය බවද පෙන්වා දුන්නේය. සජිත් ප්‍රේම­දාස මහ­තාට රට ඉදි­රි­යට ගෙන යෑමට අවශ්‍ය නොවූ බවද රටට ආද­රය කරන මිනි­හෙක් නම් රටට කරන සේව­යට ස්තුති කළ යුතුව තිබූ බවද කියා සිටි­යේය.

මෙහිදී අද­හස් දක්ව­මින් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳ­හන් කළේ, තමා මන්ත්‍රී වුණේ සජබ ජාතික ලැයි­ස්තු­වෙන් බවත් සජිත් ප්‍රේම­දාස මහ­තාට තම ස්තුතිය පිරි­න­මන බවත් ය. මේ රටේ මිනි­සුන්ට යමක් කරන්න හැකි වුණේ එම මන්ත්‍රී ධුර­යෙන් බව පෙන්වා දුන් ඒ මහතා, අධි­ක­ර­ණ­යට අපි අප­හාස, චෝදනා නොක­රන බවද මේ රටේ නීති­යක් තිබෙන අතර රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ වම්, දකුණු අත් ගල­වන විට ඔහු නිහඬ බවද පැව­සීය.