ජන­තා­වගේ ආර්ථි­කය නංවන්න රාජ්‍ය සහ පෞද්ග­ලික අංශ­ව­ලට අම­ත­රව තව ජනතා අංශ­ය­කුත් ජනතා අංශ ධාව­කයා සමු­ප­කා­රය බව ජන­පති කියයි

රාජ්‍ය සහ පෞද්ග­ලික අංශ­ව­ලට අම­ත­රව ජනතා අංශ­යක් ද ඇති කර ජන­තාව ආර්ථික වශ­යෙන් නඟා සිටු­වී­මට කට­යුතු කරන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනතා අංශයේ ධාව­කයා විදි­යට සමු­ප­කාර ව්‍යාපා­රය පත් කරන බවත් ඒ වෙනු­වෙන් ස්වාධීන හා ශක්ති­මත් සමු­ප­කාර ව්‍යාපා­ර­යක් රටේ ගොඩ­නැ­ඟී­මට කට­යුතු කරන බවත් ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටි­යේය.

ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ සමු­ප­කාර ව්‍යාපා­රයේ ඉදිරි ගමන් මඟ පිළි­බඳ සාකච්ඡා කිරී­මට පසු­ගි­යදා (07) කොළඹ, ශ්‍රී ලංකා ප්‍රද­ර්ශන හා සම්මේ­ලන මධ්‍ය­ස්ථා­නයේ පැවති හමුව අම­ත­මිනි. දිව­යින පුරා සමු­ප­කාර සමිති ජාලයේ සභා­ප­ති­ව­රුන්, අධ්‍යක්ෂ මණ්ඩල නිල­ධා­රින් ඇතුළු නියෝ­ජි­තයෝ විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ. සමු­ප­කාර ව්‍යාපා­රයේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් ගත යුතු පිය­වර ගැන අද­හස් හා යෝජනා ඇතු­ළත් යෝජ­නා­ව­ලි­යක් මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා වෙත පිළි­ග­න්වනු ලැබීය.

එසේම සමුප සංව­ර්ධන උසස් පෙළ පාඨ­මා­ලාව (NVQ) හදා­රනු ලැබූ­වන්ට සහ­තික පත් ප්‍රදා­න­යද ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු කෙරිණි. මෙහිදී අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ සටන් පාඨ කිය­මින් මහ­මඟ ගොස් ජන­තා­වගේ දුප්ප­ත්කම නැති කළ නොහැකි බවයි.

මෙහිදී වැඩි­දු­ර­ටත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේ ද පැව­සීය.

එදා මේ රටේ සමුප ව්‍යාපා­රය ඉතා­මත් ශක්ති­මත්ව පැව­තුණා. නමුත් 1970 ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් පසුව එය වෙනස් වුණා. සමුප නීතිය වෙනස් කිරී­මට කිසි­වකු කට­යුතු කළේ නැහැ. මම එක්ව­රක් ඒ ගැන කැබි­නට් මණ්ඩ­ල­යෙන් ප්‍රශ්න කළා. නමුත් අමා­ත්‍යාංශ නිල­ධා­රින් ඒ බලය අත­හැ­රී­මට අක­මැති වුණා. අද සමු­ප­කාර ව්‍යාපා­රය දේශ­පා­ල­නික වී තිබෙ­නවා. විවිධ සේවා සමු­ප­කාර සමි­ති­වල බලය අල්ලා ගැනී­මට සාමා­ජි­ක­යන් ඉදි­රි­පත් කර­නවා. මෙය මහ විහි­ළු­වක් බවට පත්ව තිබෙ­නවා. අපි ජන­තාව වෙනු­වෙන් කියා කියන අයම ජනතා ව්‍යාපා­රය නැති කර­නවා.

අනෙක් සමුප සංවි­ධා­නත් සම්පූ­ර්ණ­යෙන්ම ක්‍රියා­ත්මක වන්නේ නැහැ. ඒ නිසා අප සමු­ප­කාර ව්‍යාපා­රය ගැන අලු­තින් සිතිය යුතුයි. පසු­ගිය වස­ර­ව­ලදි සමු­ප­කාර ව්‍යාපා­රය මඟින් විශාල සේව­යක් වුණා. ඒ අනුව භාණ්ඩ බෙදා­හැ­රීමේ ආය­තන නිර්මා­ණය වුණා. කෙසේ හෝ මේ සමිති සමා­ග­ම්වල අනා­ග­තය පිළි­බඳ අප සිතිය යුතුයි. මේ රටේ තිබූ පෝලිම් යුගය පිළි­බඳ මා අලු­තින් සිහි­පත් කළ­යුතු නැහැ. ඔබ දින ගණන් පෝලි­ම්වල දුක් විඳි අයුරු අමු­තු­වෙන් කිව­යුතු නැහැ. දැන් අප එම තත්ත්ව­යෙන් ගොඩ එමින් සිටි­නවා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ රජය අතර ඇති කර­ගෙන තිබෙන එම ගිවි­සුම නිසා අපට ඒ තත්ත්වය උදා කර ගැනී­මට හැකි වී තිබෙ­නවා.

අපට දැන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් සහ ණය ලබා­දුන් රට­ව­ලින් සහ­න­යක් ලැබී තිබෙ­නවා. අපි එම සහන ලබා ගනි­මින් ගිවි­සුම ආරක්ෂා කර­ගෙන ඉදි­රි­යට යා යුතුයි. අප එම ගිවි­සුම බිඳ දැමු­වොත් නැවත පෝලිම් යුග­ය­කට යෑමට සිදු වෙනවා. අපට උදව් කිරී­මට කිසි­වෙක් ඉදි­රි­පත් වන්නේ නැහැ. අප 16 වතා­වක් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ගිවි­සුම් ඇති කර­ගෙන ඒවා කඩ කර තිබෙ­නවා. 17 වන වතා­වෙත් මෙය කඩ කළොත් නැවත ක්‍රියා­ත්මක නොක­රන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල දැනුම් දී තිබෙ­නවා. ඒ අනුව පළමු වතා­වට එම කරුණු නීති­ය­කට ඇතු­ළත් කර අප විසින් ආර්ථික පරි­ව­ර්තන නීතිය ඉදි­රි­පත් කර තිබෙ­නවා. අප ඒ පසු­බිම යටතේ වැඩ කළ යුතුයි. මේ ගිවි­සුම පද­නම් කර­ගෙන අප ඉදි­රි­යට යා යුතුයි.

වඩා තර­ග­කාරී, නවීන, අප­න­යන ආර්ථි­ක­යක් කරා අප ගමන් කළ­යු­තුයි. මේ ගම­නේදී අපට සාමාන්‍ය ජන­තාව අම­තක කරන්න බැහැ. ආර්ථික පීඩා­කාරී අව­ස්ථා­වන්හි එහි බර දරන්නේ සාමාන්‍ය ජන­තාව. නමුත් ආර්ථි­කය දියුණු වන විට ඔවුන්ට එහි වැඩි වාස­යක් ලැබෙන්නේ නැහැ. එම ක්‍රමය වෙනස් කිරී­මට මම තීර­ණය කළා. ඒ වෙනු­වෙන් උරු­මය වැඩ­ස­ට­හන යටතේ ලක්ෂ 20ක ජන­තා­වට සින්න­ක්කර ඉඩම් අයි­තිය ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ අප ආරම්භ කළා. ඒ වගේම අඩු ආදා­ය­ම්ලාභී මහල් නිවා­ස­වල ජීව­ත්වන ලක්ෂ දෙක හමා­රක ජන­තා­වට ඒ නිවාස අයි­තිය ලබා­දී­මට අප පිය­වර ගෙන තිබෙ­නවා. වතු­ක­රයේ ජන­තාව සිටින ලයින් කාමර ප්‍රදේශ ගම්මාන බවට පත් කර ඔවුන්ට ඉඩම් අයි­තිය ලබා­දී­මට කට­යුතු කර­නවා.

ඒ වගේම අඩු ආදා­ය­ම්ලාභී ජන­තාව වෙනු­වෙන් අස්වැ­සුම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළා. සමෘ­ද්ධිය මඟින් ලැබුණු මුද­ලට වඩා තුන් ගුණ­යක මුද­ලක් ජන­තා­වට එම­ඟින් හිමි වෙනවා. එදා සමෘද්ධි ප්‍රති­ලාභ ලැබූ ලක්ෂ 16 වෙනු­වට ලක්ෂ 24ක ජන­තා­ව­කට අස්වැ­සුම ප්‍රති­ලා­භය ලබා­දී­මට අප කට­යුතු කර­නවා. මේ සෑම වැඩ­ස­ට­හ­නක්ම ක්‍රියා­ත්මක කර තිබෙන්නේ ජන­තා­වගේ ආදා­යම වැඩි කිරී­ම­ටයි. වාණිජ බැංකු­වල උකස් කරන රන් භාණ්ඩ­වල වටි­නා­කම රුපි­යල් බිලි­යන 250 සිට 500 දක්වා වැඩි වුණා. මේ අය වෙනු­වෙන් අප සහන ක්‍රම­යක් ඇති කර තිබෙ­නවා.

සාම්ප්‍ර­දා­යික ආර්ථි­කයේ තිබෙන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ග­ලික අංශය පම­ණයි. මේ තුළ ජනතා අංශ­යක් ද ඇති කිරී­මට මම බලා­පො­රොත්තු වෙනවා. එම ජනතා අංශය ක්‍රියා­ත්මක වන විට තමන්ට තනි, තනිව වැඩ කරන්න බැහැ. ඒ ජනතා අංශයේ ධාව­කයා බවට සමුප ව්‍යාපා­රය පත් වෙනවා. සමු­ප­කාර ක්‍රමය මාර්ග­යෙන් තමන්ගේ ආදා­යම් ඉහළ නංවා ගැනී­මට ජන­තා­වට එම­ඟින් අව­ස්ථාව ලැබෙ­නවා. ඒ වගේම කෘෂි නවී­ක­රණ වැඩ­පි­ළි­වෙළ සමඟ අලෙවි ජාල­යට පිවි­සීමේ අව­ස්ථාව සමු­ප­කාර ක්‍රමය හරහා ගොවි ජන­තා­වට ලැබෙ­නවා. ඒ වෙනු­වෙන් සමු­ප­කාර ක්‍රමය සම්පු­ර්ණ­යෙන් දියුණු කර මේ ජනතා අංශය ක්‍රියා­ත්මක කළ යුතුයි. මේ ජනතා අංශය ඇති කිරී­මට අපට ස්වාධීන හා ශක්ති­මත් සමුප ව්‍යාපා­ර­යක් අව­ශ්‍යයි. ඒ නිසා පව­තින සමු­ප­කාර නීතිය සහ ක්‍රමය ඊට සුදුසු නැහැ. ඒ සඳහා අලුත් ක්‍රම­යක් ගෙන ආ යුතුයි.

එම කට­යුතු වෙනු­වෙන් ලබන වසර වන විට ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් උප­දේ­ශක කණ්ඩා­ය­මක් ලබා­දී­මට මම කට­යුතු කර­නවා. සමු­ප­කාර සාමා­ජි­ක­යන් පාල­නය කරන සමු­ප­කාර ව්‍යාපා­ර­යක් ඇති කළ යුතුයි. ආණ්ඩුවේ ඇතැම් අංශ ද ඊට එක් කර ගත හැකියි. අපේ රටේ ආර්ථි­කය දියුණු කරන්නේ දුප්ප­ත්කම නැති කිරී­ම­ටයි. සටන් පාඨ කිය­මින් පාරේ ගොස් දුප්ප­ත්කම නැති කරන්න බැහැ. ඒ සම­ඟම තනි අයි­තිය තිබෙන කුඩා ව්‍යාපාර, පුද්ග­ල­යන් ශක්ති­මත් කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර ඉදිරි වසර 5 තුළ එය ඉදි­රි­යට ගෙන යෑමට අප බලා­පො­රොත්තු වෙනවා. වෙළෙඳ, වාණිජ හා ආහාර සුර­ක්ෂි­තතා ඇමැති නලින් ප්‍රනාන්දු ,ජන­මාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහත්වරුද මෙහිදී කතා කළහ. ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක, රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන ලසන්ත අල­ගි­ය­වන්න, එස්. විය­ලේ­න්ද්‍රන්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, නීතිඥ ප්‍රේම­නාත් සී. දොල­වත්ත, මධුර විතා­නගේ, ශ්‍රී ලංකා ජාතික සමු­ප­කාර මණ්ඩ­ලයේ සභා­පති පී.ඩී. සරත් වීර­සිරි මහ­ත්ව­රුන් සහ සමු­ප­කාර සමිති සභා­ප­ති­ව­රුන්, අධ්‍යක්ෂ මණ්ඩල නිල­ධා­රින් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.