ඉරාකයේ විවාහ වයස් සීමාව පහළ දැමීමට යෝජනාවක්

ඉරාකයේ කාන්තාවන් විවාහ වීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළව යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

වර්තමානයේ විවාහය සඳහා අවම වයස අවුරුදු 18 ලෙස නියම කර ඇති අතර එම වයස් සීමාව අවුරුදු 9 දක්වා අවම කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් ඉරාක අධිකරණ අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් පාර්ශ්ව රැසක් මේ සඳහා විරෝධය පළ කර ඇති අතර මෙම පනත සම්මත වුවහොත් ගැටලු රැසක් මතුවන බව කාන්තා සංවිධාන පෙන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.