බලාපොරොත්තු රැසක් සමගින් අරුණ අද තරග බිමට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ අද (06) පැවැත්වෙන තරගයට අරුණ දර්ශන එක්වෙනවා

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11යි 5ට පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ

මූලික වටයේ තරඟ 06කින් සමන්විත වූ මෙම තරඟ ඉසව්වේ 05වැනි මූලික තරඟයට සහභාගී වූ අරුණ එහිදී තත්පර 44.99කින් තරඟය අවසන් කර තෙවැනි ස්ථානය දිනා ගත්තා

සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තත්පර 45ට අඩුවෙන් අවසන් කළ පළමු ශ්‍රී ලංකේය මලල ක්‍රීඩකයා වන්නේද අරුණ දර්ශනයි