කැනඩාවේ රැකියා දෙන බව කියා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොටු

කැනඩාවේ කර්මාන්තශාලාවක රැකියා දෙන බව පවසමින් මිලියන ගණන් වංචා කළ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ තිහාරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි

එමෙන්ම වංචාකරුවන්ට හසුනොවී නිත්‍යානුකුල ලෙස විදේශ රැකියා සඳහා යොමුවන ලෙසත්, මෙවැනි ස්ථාන හෝ පුද්ගලයින් පිළිබඳව දැනුම්දෙන ලෙසත් එම කාර්යාංශය මහජනතාවට දැනුම් දෙනවා

ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ දුරකථන අංක 011 2 864 241 හෝ 011 2 864 123 අමතා එම පැමිණිලි ඉදිරිපත් කළ හැකියි

මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්‍ෂණික දුරකථන අංකය මේ සඳහා පැය විසි හතර පුරාවට ක්‍රියාත්මක වනවා