යුක්‍රේන හමුදා ප්‍රහාරයකින් රුසියානු සබ්මැරීනයක් විනාශ වෙයි

ක්‍රිමියා අර්ධද්වීපයේ වරායක නැංගුරම් ලා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසනවා.

2014 දී දියත් කරන ලද ‘Rostov-on-Don’ නමැති එම ප්‍රහාරක සබ්මැරීනය වෙත මිසයිල ප්‍රහාරයක් මෙලෙස එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයට ලක්වූ සබ්මැරීනය දියේ ගිලී ගොස් තිබෙනවා.

එය Kalibr කෲස් මිසයිල දියත් කළ හැකි රුසියාවේ කළු මුහුදේ බලඇණිය විසින් මෙහෙයවනු ලබන සබ්මැරීන හතරෙන් එකක් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.