ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොන්දේසි සහිතව සහාය ලබා දීමටයි මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ

මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයේ දී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද (04) රැස්වූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි නායක රවුෆ් හකීම් මහතා විසින් එම තීරණය පැවසුවා