පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා

මේ අනුව ලබන 6 වැනි දා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි තීරණය ඇත්තේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය ‍විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව ‘මාතර නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි

එමෙන්ම ලබන 7 වැනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කෙරෙනවා.

අනතුරුව පෙරවරු10.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබෙනවා

මිට අමතරව ලබන 8 වැනි දා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සඳහා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත්තේ

එදින පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.

මේ අතර ලබන වැනිදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.

මේ අනුව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා