ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළා.