ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුවට අනුව පාකිස්තානයේ කරච්චි නුවර විදේශිකයන්ට අවදානමක් ඇති ලොව දෙවැනි නගරය බවට පත් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය ජූලි මස 11 වැනිදා නිකුත් කර ඇති ෆෝබ්ස් නවතම ලැයිස්තුවට අනුව එම වර්ගීකරණය සිදු කර ඇති අතර, එහි පළමු තැන වෙනිසියුලාවේ කරකස් නුවරට ලැබී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ඒ අනුව කර්කස් නගරයේ සංචාරය කිරීමේ අවදානම 100%ක් බවත්, කරච්චි නුවර සංචාරය කිරීමේ අවදානම 93.12%ක් බවත් එම ලැයිස්තුවෙන් පෙන්වා දී ඇති අතර, තුන්වැනි තැනට පත්ව ඇති මියන්මාරයේ යැංගුන් නුවර සංචාරකයන්ගේ අවදානම් තත්ත්වය 91.67% ක් බව ද සඳහන් වී ඇත. අපරාධ, ප්රචණ්ඩත්වය, ත්‍රස්තවාදී තර්ජන, ස්වභාවික ව්‍යසන, ආර්ථික අස්ථාවරත්වය වැනි අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හා පෞද්ගලික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුව සකස් වී ඇතැයි ද වාර්තා වේ.