පන්දු යවන්නෝ ගෞර­වය රකිති ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින සටන ලකුණු සමව නිම වෙයි

ශ්‍රී ලංකා පන්දු යව­න්නන්ගේ සට­න්කා­මී­ත්වය හේතු­වෙන් ඉන්දි­යාව සමඟ තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති පළමු දිවා රාත්‍රි තර­ගය ලකුණු සම­වී­මෙන් ජය පරා­ජ­යෙන් තොරව නිමා විය.

දෙපිල අතර පිට පිට ලකුණු සමවූ දෙවැනි තර­ගය මෙය වන අතර, පල්ලෙ­කැලේ පැවති විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් තර­ගයේ ද ලකුණු සම විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය ඉන්දීය පිලට ද ඕවර 47.5කදී සිය­ල්ලන් දැවී රැස් කර හැකි වූයේ ලකුණු 230ක් පමණි.

ජාත්‍ය­න්තර එක්දින තරග බිමේ ශ්‍රී ලංකා – ඉන්දියා තර­ග­යක ලකුණු සමවූ දෙවැනි අව­ස්ථාව මෙය වන අතර, මින් පෙර 2012 වසරේ පෙබ­ර­වාරි 14 වැනිදා ඇඩි­ලේ­ඩ්හිදී පැවති තර­ගයේ ලකුණු සම­වී­මෙන් නිමා වී තිබේ. ජාත්‍ය­න්තර එක්දින තරග බිමේ ලකුණු සම­වී­මෙන් නිමාවූ 44 වැනි තර­ගය සහ ආර්. ප්‍රේම­දාස පිටියේ ලකුණු සම­වී­මෙන් නිමා වූ පළමු තර­ගය ලෙස මේ තර­ගය ඉති­හා­ස­යට එක් විය.