රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නිසා නයිජීරියාවේ 13 දෙනෙකු මරුට

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව නයිජීරියාවේ පැවති විරෝධතා අතරතුරදී පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය ද පනවා ඇති අතර සිය ගණනක පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් විසින් රාජ්‍ය දේපළ රැසකට හානි සිදු කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හමුවේ මෙලෙස විරෝධතාකරුවන් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ආහාර හිඟය සහ රටේ පවතින ගැටලුකාරී පාලනයට විරෝධය පළ කරමින් විරෝධතා ක්‍රියාමාර්ග උත්සන්න අතට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.