ජනපති රනිල් සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ -මහින්ද රාජපක්ෂ

තමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (01) රාත්‍රියේදී විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති මෙවන් වකවානුවක දේශපාලන අරමුණු අරඹයා මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීමෙන් ජනතාව නොමග යන බව සිය විශ්වාසය බවයි මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

මේ හේතුවෙන් එවැනි ආකාරයේ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.