පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනයට පියවර

පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා

ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිතයා අඩංගු පැකට් ලක්ෂ 03ක් මෙම වසර තුළ බෙදා හැරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු සුදානම් කර ඇති බවයි පොල් වගාව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පිළිබඳව ඊයේ (01) පැවති සාකච්ඡාවේදී පැවසුවේ.

පොල් වගාවට සුදුමැස්සාගෙන් සිදුවන හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවන බවත් බස්නාහිර පළාත හා තවත් ප්‍රදේශ කිහිපයක වර්ෂාව නිසා මෙම හානියේ යම් අවම වීමක් වාර්තාවී ඇති බවත් සුදුමැස්සා වැඩිපුර කහපැහැයට ආකර්ෂණය වීමක් දක්නට ඇති බැවින් පොල් වගාවට වඩා තැඹිලි වගාවට විශාල හානියක් සිදු කරන බවද මෙහිදි කරුණු අනාවරණය වූ බව සඳහන්.

සුදුමැස්සාගෙන් සිදුවන හානිය නිසා පොල් අස්වැන්නට විශාල බලපෑමක් එල්ල වන අතර මේ වනවිට සුදුමැස්සාගේ හානියට ලක් වූ පොල් හා තැඹිලි ගස් 1,051,323කට මෙම ප්‍රතිකාරය ලබා දී තිබෙනවා .

සුදුමැස්සාගෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීම සදහා හඳුන්වා දී ඇති විලෝපිතයා ගොවීන්ට ලබා දීම හා නිවැරදිව පොල් වගාවේ යෙදවීම පිළිබඳව තවදුරටත් පොල්වගාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයේ අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නා