මතීෂ හා ඩිල්ෂාන් ආබාධයට ලක් වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වී තිබෙයි.

ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා  වෙයි.

ඉන්දියාව සමඟ පැවති 3වන T20 තරගයේදී පන්දු රකිමින් සිටි මතීෂ පතිරණ උරහිසේ ආබාධයකට ලක් වී තිබෙන අතර ඩිල්ෂාන් මධුශංක පුහුණු සැසියක් අතරතුර මස්පිඬු ආබාධයකට ලක්වී තිබෙයි.