කයිල් අබේසිංහට මූලික වටයේ තරගයෙන් 8 වන ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 51.42 කින් නිම කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ සමත් වුණා.

එහිදී ඔහුට 8 වන ස්ථානය හිමිවී ඇති අතර සමස්​ත ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිවී ඇත්තේ 54 වන ස්ථානයයි.

ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.