ජනාධිපතිවරයාටත් තීරණයක් ගත නොහැකි තැනක දැන් පොලිස්පතිගේ ගැටලුව තියෙන්නේ – කථානායක

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ එකඟතාවය මත පත්වූ නිලධාරීන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ වෙනම හැඳින්වීමක් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ තනතුර හිස් කරනවා නම්, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇති බවයි අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ.

එසේ නොවන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහිදී තීන්දුවක් ලබාගත යුතු බවද, මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාටද මේ සඳහා තීරණයක් ගැනීමට නොහැකි තැනක මෙම ගැටලුව ඇති බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.