ලක්ෂ 26කට අධික කුඩුයි ලක්ෂ 09ක මුදලකුයි සමඟ ජාවාරමෙක් මාට්ටු

මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි රුපියල් විසිහය ලක්ෂ තිස් අටදහස් තුන්සියයක් වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 75,380ක් සහ අලෙවියෙන් උපයා‍ෙගන තිබූ රුපියල් ලක්ෂ නවයක මුදලක්ද සමඟ දෙහිවල පොලිසිය මඟින් පෙරේදා (27) වනරතන පා‍රේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු දෙහිවල වනරතන පාර නිවාස සංකීර්ණයක පදිංචිව සිටින 52 හැවිරිදි පුද්ගලයෙක් වන බස්රථ හිමිකරුවකු වන බවත් පසුගිය කොරෝනා කාලයේ සිට බස් ව්‍යාපාරය කඩා වැටීමෙන් පසුව නිවසේ කුඩා සිල්ලර බඩු අලෙවි සලක් පවත්වාගෙන යමින් ඒ අතර මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරමද තොග වශයෙන් හා සිල්ලර වශයෙන් සිදු කර‍ෙගන ගිය අයෙකුද වන බවත් අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව දෙහිවල පොලිස් වසමේ සිදු කළ අපරාධ නිවාරණ හා දූෂණ වැටලීමේ රාජකාරියේ දී අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස්‌ පරීක්ෂක කේ.එල්.ඒ.එස්.යූ.කේ. ලියනආරච්චි මහතා වෙත ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක් කළ විට යට ඇඳුමේ කලිසම් සාක්කුවේ සඟවාගන සිටි මෙම හෙරොයින් තොගය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන අතර වාරයේ ඔහුගේ නි‍ෙවස දැඩි පරීක්‍ෂාවට ලක්කරනු ලැබූ අවස්ථාවේ කාමරයක ඇඳක මෙට්ටයක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ලක්ෂ නවයක මුදල් සොයාගෙන ඇත.

තවදුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරු කොළඹ හා මහරගම ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කරමින් තොග වශයෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය නි‍ෙවසේ සිට පැකට් කර තොග හා සිල්ලර වශයෙන් රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, පිළියන්දල, නැදිමාල ,කොහුවල හා කළුබෝවිල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට අනාවරණය වීමෙන් පසු සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (28) ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකර‍ෙගන යන බවත් පොලිසිය පැවසීය.

දෙහිවල – ඩී.පී. හේරත්