ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

2016 වසරෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.