ජුලි 01 සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර කාලය වසරකින් දීර්ඝ කෙරේ

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.

E පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

නොවැම්බර් මාසයේ සිට E පාස්පෝර්ට් නිකුත් කිරීම ඇරඹෙන බවත් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් E පාස්පොර්ට් ලබාගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.