උප්පැන්න සහතිකයක් නොමැතිව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම – පු.ලි.දෙ.

වයස අවුරුදු 40 ට වැඩි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මාසයේ 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී සඳහන් කරන්නේ.

ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කල බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.