ඉන්දීය විදේශ ඇමැති අද ලංකාවට එයි

ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් නිල සංචා­ර­යක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් මහතා අද (20) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­ර­යට පෙර, දෙරට අතර ක්‍රියා­ත්මක ව්‍යාපෘති සමා­ලෝ­ච­නය කිරීම සඳහා ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකා­වට පැමි­ණෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ඉන්දීය සංචා­රය අත­ර­තුර ඉන්දීය විදේශ ඇමැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය තහ­වුරු කර තිබෙන අතර මේ අතර ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා එළැ­ඹෙන අගෝස්තු මාස­යේදී මෙරට සංචා­ර­ය­කට එක්වන බව ද ඊට පෙර විදේශ ඇමැ­ති­ව­රයා මෙර­ටට පැමි­ණෙන බව ද එම අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

ඉන්දීය ආධාර මත මෙරට ක්‍රියා­ත්මක සහ ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර තිබෙන සංව­ර්ධන ව්‍යාපෘති සමා­ලෝ­ච­නය කිරී­මට අපේක්ෂා කරන ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර ද්විපා­ර්ශ්වික සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කර­ගත හැක්කේ කෙසේ ද යන්න පිළි­බඳ සොයා බලනු ඇත. පසු­ගිය ජූලි මාස­යේදී අත්සන් කළ ශ්‍රී ලංකා ඉන්දීය ආර්ථික හවු­ල්කා­රිත්ව දැක්ම යටතේ දෙරට අතර සම්බ­න්ධ­තාව වැඩි­දි­යුණු කර­ගත හැකි ආකා­රය පිළි­බ­ඳව ද සොයා බැලී­මට නිය­මි­තයි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල­යේදී ඉන්දීය විදේශ ඇමැ­ති­ව­රයා සාකච්ඡා කිහි­ප­ය­කට එක්වී­මට නිය­මි­තව තිබෙන අතර ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස සහ විදේශ කට­යුතු ඇමැති අලි සබ්රි මහ­ත්ව­රුන් හමු­වී­මට ද නිය­මි­තව ඇතැයි විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.