ආර්ථික අර්බුදයන් ගොඩ එන්න NPP උත්තර තුන – සුනිල් හඳු­න්නෙත්ති

රාජ්‍ය ආයතන විකුණන්න

සල්ලි අච්චු ගහන්න

පෞද්ගලික තැන්පතු ගන්න

“එත­කොට එහෙ­නම් අපට අනි­වා­ර්ය­යෙන් සිද්ධ වෙන දේ තමයි මේ තියෙන රාජ්‍ය ව්‍යාපාර, ආය­තන, දැන් ඔය වෙන්දේසි කරල  වගේ විකු­ණන්න දාල තියෙන ඒව විකු­ණන්න දාන්න. ඒක එක උත්ත­ර­යක්. නැති­නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැති­නම් බැංකු­වල තියෙන සල්ලි, තැන්ප­ත්ක­රු­වන්ගේ ඒවා ආණ්ඩු­වට ගන්න වෙනවා විය­දම් කරන්න. ඔය උත්තර තුන තමයි තියෙන්නේ මම දන්න ඉගෙ­න­ගත් දේ අනුව.“ යැයි ජාතික ජන බල­වේ­ගයේ ආර්ථික සභාවේ සාමා­ජික හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සුනිල් හඳු­න්නෙත්ති මහතා පවසා ඇත.

සංවා­ද­ය­කදී සුනිල් හඳු­න්නෙත්ති මහතා විසින් කළ එම ප්‍රකා­ශය ජාතික රූප­වා­හි­නිය මඟින් පසු­ගි­යදා විකා­ශය කර තිබිණි.