ජනතා විමුක්ති පෙර­මුණ විසින් ඝාත­නය කළ හැට­ද­හ­සක් වෙනු­වෙන් කිසිම ස්මාර­ක­යක් ඉදි­කර නැත – සුගී­ෂ්වර බණ්ඩාර

ජනතා විමුක්ති පෙර­මුණ විසින් ඝාත­නය කළ මේ රටේ හැට­ද­හ­සක් වෙනු­වෙන් අද වන­තුරු කිසිම ස්මාර­ක­යක් ඉදි­කර නැතැයි නව ජනතා පෙර­මුණේ නායක සුගී­ෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

එළාර, පෘතු­ගී­සින්, ලන්දේ­සින්, ඉංග්‍රී­සින් යුද්ධය වෙනු­වෙන් මිය­ගිය විරෝ­ධාර රණ­වි­රු­වන් වෙනු­වෙන් ස්මාරක ඉදි­කර තිබෙන නමුත් ජනතා විමුක්ති පෙර­මු­ණෙන් ඝාත­නය කරපු හැට­ද­හ­සක් වෙනු­වෙන් අද වන­තුරු එක ස්මාර­ක­යක් හෝ ඉදි­කර නැති බව ද ජවිපෙ නාය­ක­යන් උජා­රු­වට ඉල්මහ විරු­වන් සම­රන බව ද පෙන්වා දුන්නේය.

අලු­තින් හිතමු ජාතික සාමූ­හි­කයේ පාණ­දුර දී පැවති සම්ම­න්ත්‍ර­ණ­යට එක්වෙ­මින් සුගී­ෂ්වර බණ්ඩාර මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් ඒ මහතා මෙසේ ද පැව­සීය.

“ලෝකේ 19 වැනි ශත­ව­ර්ෂය ගත්තොත් ඒ කාලේ කඳ­වුරු දෙකක් තිබුණා. එකක් ධන­වාදී බල කඳ­වුර, අනික සමා­ජ­වාදී බල කඳ­වුර, අපේ රටත් විටෙක ධන­වාදී බල කඳ­වු­රට පක්ෂ­වත්, විටෙක සමා­ජ­වාදී බල කඳ­වු­රට පක්ෂ­වත් 75 වස­රක් විවිධ පිරිස් රට පාල­නය කළා. හැබැයි බට­හිර රට­ව­ල්ව­ලට අවශ්‍ය වුණාම රට­වල් ආර්ථික වශ­යෙන්, උපාය මාර්ගික වශ­යෙන් වට්ට­වන්න ඔවුන් විවිධ බළල් අත් යොද­ව­නවා. ජනතා විමුක්ති පෙර­මුණ කිය­න්නෙත් අපේ රට වට්ටන්න, අපේ රට උපා­ය­මා­ර්ගි­කව අරා­ජික කරන්න, අපේ රට විනාශ කරන්න බට­හි­රින් හෝ වෙනත් කවු­රු­හරි හදපු බළල් අතක් විදි­හට මම දකි­නවා.

අද අනුර කුමාර දිසා­නා­යක මහ­ත්තයා, ලාල්කාන්ත මහ­ත්තයා කිය­නවා දහ­තුන් වන ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව දැන් ජාතික ව්‍යුහයේ එක කොට­සක් වෙලා තිබෙ­නවා. ඒක නිසා අපේ ආණ්ඩු­වක් යටතේ පළාත් සභා මැති­ව­රණ පව­ත්ව­නවා කියලා. අවු­රුදු 35කට පස්සේ තමයි ජනතා විමුක්ති පෙර­මු­ණට තේරෙන්නේ එදා ජය­ව­ර්ධන ජනා­ධි­පති ක්‍රියා­ත්මක කළ උපා­ය­මා­ර්ගික ක්‍රියා­ව­ලිය හරි කියලා. හැබැයි ඒ වෙනු­වෙන් හත­ළි­ස්ද­හ­සක් තරුණ ජීවිත විනාශ වුණා. ඒ වෙනු­වෙන් බස් රථ ගිනි තිබ්බා. කර්මා­න්ත­ශාලා ගිනි තිබ්බා. ට්‍රාන්ස්ෆෝ­මර් ගිනි තිබ්බා. ඒ සිදු කරපු විනා­ශය ගැන රටට සිදු කළ පාඩුව ගැන අද කතා නෑ. අද අනුර කුමාර මහ­ත්තයා ලාල් කාන්ත, බිමල් රත්නා­යක, හඳු­න්නෙත්ති ලෝකේ වටේ ගිහින් සොරි කිව්වට හරි­යන්නේ නෑ. මේවට සාධා­ර­ණ­යක් වෙන්න ඕනෑ.

මම වගේ පිය සෙනෙ­හස අහිමි වෙච්ච දරුවෝ කී දෙනෙක් මේ රටේ ඉන්නව ද? මොකක්ද ඔවුන්ට වුණු සාධා­ර­ණය. ඒ නිසා අපි කිය­නවා ආණ්ඩු­වට අපට කොළ­ඹින් පර්චස් දෙකක් දෙන්න. එදා ජවිපෙ විසින් ඝාත­නය කළ අහිං­සක ජීවිත සිහි­පත් කරන්න ස්මාර­ක­යක් හදන්න.

ජවිපෙ නියෝ­ජ­නය කරන ජාතික ජන බල­වේ­ග­යට ඡන්දය දුන්නොත් නැවත මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් නෑ.බැලට් එකෙන් පාල­ක­යෙක් පත්කර ගන්න වෙන එකක් නෑ.බුලට් එකෙන් තමයි රට පාල­නය වෙන්නේ.ඒ වගේම සුදු ඇද­ගෙන රට හමුවේ පෙනී සිටින බොරු ජාති­ක­වා­දීන්ට රැව­ටෙන්න එපා කියා ඉල්ල­නවා.

යථා­ර්ථය නිවැ­ර­දිව තේරුම් ගෙන ජාත්‍ය­න්ත­රයේ සහ­යෝ­ග­යෙන් නිසි ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­යක් කරන්න පුළු­වන්. අර්බු­ද­යට සැබෑ විස­ඳුම් දෙන්න පුළු­වන් නාය­ක­යෙක් 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පත් කර­ග­නි­මු­යැයි ඉල්ලා සිටි­නවා.”