විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සූදානමින්

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව, යුද හමුදාව සහ ගුවන් හමුදාව සූදානමින් සිටිනවා.

ඒ අනුව විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 යානා දෙකක් සහ බෙල් 412 යානාවක් හමුදා සාමාජිකයින් සමග සූදානම් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මීට අමතරව නාවික හමුදාවද කණ්ඩායම් 10 ක් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

මේ අතර යුධ හමුදාවේ සහන කණ්ඩායම් 07ක් සහන බෝට්ටු 08ක් සමග යොදවා ඇති බවද යුද හමුදාව නිවේදනය කරනවා.