සංචාරකයින් 96,890 ක් මැයි මාසයේ දින 26 ක් තුළ ශ්‍රී ලංකාවට

2024 මැයි මාසයේ පළමු දින 26 තුළ දී විදෙස් සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 881,541 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, මාලදිවයින, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.