එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (Expolanka Holdings PLC) සමාගමේ සුළුපරිමාණ කොටස්කරුවන් 9 දෙනෙකු අධිකරණ ක්රියාමාර්ගයකට පිවිස තිබේ.
ඒ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමිනි.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම පවසන්නේ එම කොටස්කරුවන් 9 දෙනා සමාගමේ කොටස් ප්රාග්ධනයෙන් 0.012%කට හිමිකම් කියනු ලබන බවයි.