මැතිවරණ නොපැවැත්විය යුතු බවට පවසනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නැති මෝඩයෙක් – සාගර

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මේ අවස්ථාවේ නොපැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව මැතිවරණ නොපැවැත්විය යුතු බවට පවසනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නොමැති මෝඩයෙක් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම විටම මැතිවරණ පැවැත්විය යුතු බවට පෙනී සිටින ලද පක්ෂක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.