LPL Auction 2024: මතීෂ, ඉසුරු හා දසුන්ට ඉහළ මිලක්

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය (21) අවසන් වුණා.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට (21) පත් වුණා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 120,000 ක ලංසුවක් යටතේ Colombo Strikers කණ්ඩායම විසින් ඔහු මිලට ගනු ලැබුවා.

ඊට අමතරව ඉසුරු උදාන Galle Marvels කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් 100,000 ක ලංසුවක් යටතේ මිලට ගත් අතර දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85,000 ක ලංසුවක් යටතේ B-Love Kandy කණ්ඩායම මිලට ගත්තා.

එසේම පළමු වටයේදී අලෙවි නොවූ සුපිරි පිතිකරු පැතුම් නිස්සංක අමෙරිකානු ඩොලර් 40,000 ක මුදලකට Jaffna Kings කණ්ඩායම මිලට ගැනීමට සමත් වුණා.

ඒ අනුව කණ්ඩායම් සියල්ලම තම උපරිම ක්‍රීඩකයින් සංඛ්‍යාව වන ක්‍රීඩකයින් 24 බැඟින් මිලට ගෙන තිබෙනවා.