FoxHill අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

දියතලාව FoxHill මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර, එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වුණා.