O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහයකට මුදා හැරීමේ සිද්ධියට සැකපි​ට තවත් අයෙක් අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව විභාග රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 9 වැනිදා පැවැති ඉංග්‍රීසි විෂයයට අදාළ විභාගය ආරම්භ වී සුළු වේලාවකට පසුව එම ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහය වෙත මුදාහැර ඇති බවට මේ වනවිට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.