ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 ක් මරුට

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් එලෙස අනතුරට ලක්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයක ගැටී අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.