අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (09) සිදුව තිබෙනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ බවත්, මෙරට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ පෙන්වා දුන් බවත්, ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව අවධානය යොමු කළ බවයි එම පක්ෂය සඳහන් කළේ.

මෙහිදී තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාර ධර්ම පද්ධතියක් මත පදනම් වී ඇති බව තම පක්ෂය අවධාරණය කළ බවද, එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහය හිමිවන බව ප්‍රකාශ කළ බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළා.

news images