එළ­වළු මිල නඟින අව­දා­න­මක් නෑ

ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­නය

එළ­වළු මිල ගණන් අසා­මාන්‍ය ලෙස ඉහළ යෑමේ අව­දා­න­මක් මෙව­සර අව­සන් වන තෙක් නැතැයි හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­නය අව­ධා­ර­ණය කරයි. මැයි සහ ජූනි මාස­වල මෙරට වෙළෙ­ඳ­පොළේ එළ­වළු, පල­තුරු මෙන්ම අනෙ­කුත් ආහාර භෝග­වල මිල මට්ට­ම්වල හැසි­රීම පිළි­බඳ ඇති විය හැකි තත්ත්ව­යන් සම්බන්ධ පූර්ව දැනු­වත් කිරීමේ පර්යේ­ෂණ වාර්තා­වක් කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීරට භාර දෙමින් එම ආය­ත­නය මේ ක­රුණු අව­ධා­ර­ණය කර ඇත.

කාල­ගු­ණික වශ­යෙන් ඉදිරි කාලය තුළ දැඩි බල­පෑ­මක් සිදු නොවුණ හොත් සහ දැනට පව­තින යහ­පත් කාල­ගු­ණික තත්ත්වය එසේම පැව­තුණ හොත් මෙව­සර අව­සන් වන තෙක් එළ­වළු මිල ගණන් අසා­මාන්‍ය ඉහළ යෑමක් සිදු නොවනු ඇතැ­යිද ඒ ආය­ත­නය සඳ­හන් කර තිබේ. මේ හැර සහල් මිල සම්බ­න්ධව ගත­හොත් ජන­තා­ව­ගෙන් 90%ක් පමණ පරි­භෝ­ජ­නය කරන නාඩු සහල් මිල ගණන් ඉදිරි මාස තුන තුළත් නොවෙ­නස්ව පවතී.මේ වන විට බඩ­ඉ­රිඟු කිලෝ­ග්‍රෑ­මය රු. 125-135 වැනි මිල ගණන් යටතේ අලෙවි වන බවද ඒ වාර්තාව අනා­ව­ර­ණය කරයි.