2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ වන අතර එය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.