නසීර් අහමඩ් අගමැති හමුවෙයි

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් (02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  හමුවිය.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස  අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.