අවුරුදු 2 ක් තුළ සිදුකළ වැඩසටහනට වඩා විශාල වැඩසටහනක් ගෙනියන්න සියලුදෙනාගේ සහය දෙන්න – රනිල්

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ හේතුවෙන් වැටුණු රට ගොඩ ගැනීමට හැකිවූ බවයි කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

ජාතත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ආරක්ෂා කිරීමට රජය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂවල සහය දෙන ලෙසද ජනාධිපතිවරයා මැයි දින රැළිය අමතමින් සඳහන් කළා.

අපනයන ආර්ථිකයක් ඇති කරමින් තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදෙන සැලැස්මක් ඇති කිරීමට තමා කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

නව ආර්ථික පරිවර්ථයක් සිදුකර, අවුරුදු දෙකක් තුළ සිදුකරන ලද වැඩසටහනට වඩා විශාල වැඩසටහනක් ගෙන යාමට සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

news images
news images
news images
news images