T20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

ඇමරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙයි

එම සංචිතය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි නායකත්වය සඳහා ඒඩ්න් මාක්‍රම් නම් කර ඇත.

එම සංචිතය පහත පරිදිය

ඒඩන් මාක්‍රම්, ඔට්නියෙල් බාර්ට්මන්,ජෙරල්ඩ් කොට්සි, ක්වින්ටන් ඩි කොක්, බ්ජෝරන් ෆොර්ට්යුඉන්, රීසා හෙන්ඩ්‍රික්ස්, මාර්කෝ ජැන්සන්, හෙන්රිච් ක්ලාසන්, කේෂව් මහාරාජ්, ඩේවිඩ් මිලර්, ඇන්රිච් නොර්ට්ජේ, කගිසෝ රබාඩා, රයන් රිකල්ටන්,තබ්‍රයිස් ෂම්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්.
සංචාරක අතිරේක ක්‍රීඩකයින් වනුයේ, නන්ද්‍රේ බර්ගර් සහ ලුන්ගි එන්ගිඩියි.