හොර පාරෙන් ලංකාවට ආ ලක්ෂ 70 ක බිඩි කොළ තොගය

ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ හැත්තෑවකට ආසන්න වටිනාකමින් යුතු ඉන්දීය බීඩී කොළ කිලෝ 1346 ක් කල්පිටිය කුඩාව දී (30)   අලුයම, සැක කරුවන් සිව් දෙනෙකු ද සමගින් අත් අඩංගුවට ගෙන තිබෙයි.

මෙම බීඩී කොළ තොගය ඇසුරුම් 42 ක අසුරා තිබිණි. මේවා මුහුදු මගින් ප්‍රවාහනය කළ යාත්‍රාව සහ ගොඩ බිම ප්‍රවාහනය සදහා සූදානම් කොට තිබූ ලොරි රථය ද අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර,

3 හැවිරිදි වව්නියාව පදිංචිකරුවකු,කල්පිටිය නගරයේ පදිංචි 24 හැවිරිදි අයෙකු සහ ජනසවිපුර පදිංචි 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු ද වෙති.

බොහෝ කලක පටන් ඉන්දියාවේ සිට බීඩී කොළ කල්පිටිය මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ප්‍රවාහන සිදු කෙරේ. මේ නිසා වාර්ෂික කෝටි ගණනක තීරු බදු රටට අහිමි වෙයි.

කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශ්‍යට ලද තොරතුරකට අනුව,වහාම ක්‍රියාත්මක වූ කල්පිටිය වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරිලාල් එදිරි සිංහ,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මිල් රෝයි,පොලිස් කොස්තාපල් වරුන් වන 100716 බස්නායක,59872 ප්‍රියන්ත යන නිළධාරීන් මෙම වැටලීම සිදුකළ හ.