දශක පහකට ආසන්න කාලයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලංසගේ සිරිවර්ධන (29) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති.
පසුගිය 22 වැනි දින පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේදී ඒ මහතා ගමන් කරමින් තිබූ වෑන් රථය ටිපර් රථයක ගැටි සිදු වූ මාරක අනතුරින් බරපතළ තුවාල ලැබූ ලංසගේ සිරිවර්ධන හා ඔහුගේ බිරිය හා පුතු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබිණි. රෝහලට ඇතුළත් කර සිටියදී සැත්කමකට භාජන කිරීමෙන් පසු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අලුයම මරණයට පත්වූ බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
සිරිවර්ධන උපන් ගම් ප්‍රදේශය නාත්තණ්ඩිය වූ අතර ඔහු නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ද පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ද ආදි සිසුවෙකි.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරියකු ද වෙයි.
ඇත්ත පුවත්පතින් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සිරිවර්ධන මහතා ජාතික රුපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය සේම එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ දිනමිණ පුවත්පතේ පුත්තලම සමූහ වාර්තාකරු ලෙස මිය යනතුරු තම මාධ්‍ය කටයුතු මෙහෙයවමින් ජනතාවගේ ප්‍රශ්න බලධාරීන්ගේ අවධානය යොමුකිරීම වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය මෙහෙවරක නිරත වූහ.
දේහය කොට්ටුකච්චිය මැල්ලන්කුලම බෝගහයාය ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මැල්ලන්කුලම පොදු සුසාන භුමියේදී හෙට (01) සවස 5.00ට සිදු කෙරේ.