වතු සමා­ගම් පැහැර හැරිය කෝටි 500ක EPF-ETF රජ­යෙන් ගෙවන්න යයි

වසර 20ක් තිස්සේ වතු සමා­ගම් විසින් වතු සේවක ගෙවිය යුතු රුපි­යල් කෝටි පන්සී­යක (500) පමණ වූ හිඟ සේවක භාර­කාර අර­මු­දල් ( ETF) සහ සේවක අර්ථ­සා­ධක අර­මු­දල් (EPF) රජය මගින් ගෙවී­මට ජනා­ධි­ප­ති­ව­රයා එක­ඟ­තා­වය පළ කොට ඇතැයි වැවිලි ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පැවැ­සීය.

වැවිලි සමා­ගම් විසින් ගෙවිය යුතු හිඟ මුදල් රජයේ මුද­ලින් ප්‍රති­ලා­භීන්ට ගෙවී­මට ජනා­ධි­ප­ති­ව­රයා එක­ඟ­ත්වය පළ කිරී­මෙන් අන­තු­රුව ඒ සඳහා වූ කැබි­නට් පත්‍රි­කාව කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව වැවිලි ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පැවැ­සීය.  මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද කීය.   වතු සේව­ක­යන් විසින් ඔවුන්ට අදාළ හිඟ මුදල ලබා ගැනීම සඳහා නඩු 2000 කට ආසන්න ප්‍රමා­ණ­යක් ගොනු­කර තිබෙ­නවා. නමුත් මෙතෙක් ඒවාට සාධා­ර­ණ­යක් සිදුවී නැහැ. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නගා­සි­ටු­වී­මට පිය­වර ගත යුත්තේ සේව­ක­යන්ගේ මූලික අයි­තීන් ආරක්ෂා කර­මිනි. රජය ඒ පිළි­බඳ පූර්ණ අව­ධා­නය යොමු කර අවශ්‍ය ක්‍රියා­මාර්ග කඩි­න­මින් ක්‍රියා­වට නංව­නවා.