හරිත සරසවිය පුළුල් කිරීමට තවත් අක්කර 20ක්

සරසවියේ දෙවැනි අදියර සඳහා අක්කර 14කුත් තෙවැනි අදියර සඳහා අක්කර 20කුත් වෙන් කර දීමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. හෝමාගම නගර සංවර්ධන සැලැස්ම යටතේ දැන් කේන්ද්‍රීය නගර සංකල්පයට අනුව අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අංශ වැඩිදියුණු කිරීමේ අරමුණින් රජයට පවරාගෙන ඇති නාගරික සංවර්ධන අධිකාරියේ අක්කර 300කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් මේ වන විට දිගුකාලීන බදු පදනම යටතේ දැනුම් කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති සඳහා බෙදා හැර ඇත.

ඉහත කැබිනට් තීරණයට අනුව හරිත සරසවියේ තෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන වටිනාකම ගෙවා අවුරුදු 50ක දිගුකාලීන බදු පදනම යටතේ NSBM හරිත සරසවිය විසින් නුදුරේදීම ඉඩම් අත්පත් කරගනු ඇත.