සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් (29) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා 14,000 කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවයි එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න සඳහන් කළේ.

සිය ඉල්ලිම් සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.