අධික ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් ටැන්සානියාවේ පුද්ගලයන් 155 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් 236 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නැෙඟනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාවට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව ගංවතුරට හේතු වී ඇතැයි එරට අගමැති කාසිම් මජලිවා ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
නිවාස 51,000ක් ද ගංවතුරට හසු වී ඇති අතර, පුද්ගලයන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී සිටින බවත් ටැන්සානියා අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. දුම්රිය මාර්ග ද, මහා මාර්ග ද, පාලම් ද විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද වාර්තා වේ.