ඉන්දියාවේ පදිංචිව වී සිටින ටිබෙට් අධ්‍යාත්මික නායක දලෙයිලාමාගේ දේශන ශ්‍රවණය කිරීම සඳහා පසුගියදා රටවල් 72කින් බැතිමතුන් 6100ක් හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ධරම්සාලා නුවර එතුමාගේ ආශ්රමයට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර මොංගෝලියානු බැතිමතුන් සිය ගණනක් සිටි බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මොංගෝලියනු බැතිමතුන්ගේ ඉල්ලීම පරිදි දලෙයිලාමාතුමා විශේෂ දේශනයක් පැවැත් බව ද වාර්තා වේ.
ජීවිත කාලයේ එක් අවස්ථාවකදී පමණක් ලැබෙන මා හැඟි අවස්ථාවක් බව සඳහන් කරමින් කොලම්බියා රාජ්‍යයේ බැතිමතුන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වීම විශේෂ සිදුවීමක් බවට පත් වී ඇත.
ලොව පුරා බැතිමතුන්ට සාමයේ සහ අවිහිංසාවාදයේ දේශන සිදු කරමින් සිටින දලෙයිලාමා තුමා චීනය විසින් ටිබෙට් දේශය ස්වයං කලාපයක් ලෙස නම් කිරීමෙන් පසු 1959 වසරේදී සිට ඉන්දියාවේ පදිංචි වී සිටින අතර, නොබෙල් සාම ත්‍යාගලාභියකු ද වේ.