ඇළකට වැටුණු දරුවට වුණ දේ

වයස අවුරුද්දයි මාස 10ක් වන දරුවෙකු ඉසෙඩ් ඩී ඇලේ අතු ඇලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර,  ජයවික්‍රම ගම්මානයේ පදිංචිව සිටි දරුවෙකි.

සිද්ධියෙන් මියගිය දරුවා හා ඔහුගේ වැඩිමහල් සහෝදරිය සමඟ නිවසේ සිටිය දී අසල තිබූ ඇළට වැටී තිබෙයි.

මේ වන විට මරණයට පත් දරුවාගේ මව තවත් දරුවෙකු සමග නිවසෙන් පිටතට ගොස් තිබුණි.

දරුවා ඇලෙන් ගොඩට ගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් තිබෙයි