හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බව සදහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යයන් හරහා විශාල ප්‍රචාරයක් මේ දිනවල සිදු කෙරෙන බව එහි දැක්වේ.